29.2 C
Batticaloa
Friday, June 19, 2026
முகப்பு Sinhala Poems හෙන්දිරික්කා ප්‍රේමය

හෙන්දිරික්කා ප්‍රේමය

0
601
FB_IMG_1681178405072-31a5fa77

ඉස්සරම දවස්වල
මට ත් තිබුණා ප්‍රේමයක්…

හැන්දෑවට කෝල කර
හිනාවෙන
පාට පාට හෙන්දිරික්කා මල්
එක්ක
ඉස්සර මටත් තිබුණා ප්‍රේමයක්…

එකින් එක මල් පීදෙන වෙලාවට
ටිකෙන් ටිකෙන් පාර බැලුවා කලාවට
වටෙන් ගොඩින් කළුවර එබෙන කොට
කඩාගෙනම ගියා නහය පුරුදුම සුවඳට..

මටත් තිබුණා ප්‍රේමයක්
ඉස්සරම දවස්වල හෙන්දිරික්කා මල් එක්ක

පහු කරන් මගේ පැල නුඹ යන්න යන කොට
ඉඟි කරන් මං උන්නේ නොතේරුණා ද නුඹට
කෑ ගහලා අඬාගෙන හිතුණාට එතෙන්නට
බැරිවුණා එදා මට වැට කඩුල්ල පනින්නට

ඉස්සරම දවස්වල මටත් තිබුණා
හෙන්දිරික්කා ප්‍රේමයක්..

මැලවෙලා ගිහින් මල් යාය කේඩෑරිව
අලවලා මගේ හිතම නුඹව උරාගෙන
දවසක හවස එල්ලුණාම රෝස මලක
අදත් මම වෛර නෑ හෙන්දිරික්කා එක්ක

ෆාති..✍️

0 0 votes
இதை மதிப்பிடுங்கள்
Subscribe
Notify of
0 கருத்துரைகள்
Oldest
Newest Most Voted
error: தயவு செய்து நகல் எடுக்க வேண்டாம் !!
0
Would love your thoughts, please comment.x
()
x
Enable Notifications OK No thanks