29.2 C
Batticaloa
Sunday, June 14, 2026
முகப்பு Sinhala Poems අන්තර් සුවඳ

අන්තර් සුවඳ

0
701
79eb0d9d14a2b6baecf613ba80aaf967-03f95e25

කොළනියේ කෙලවර
සංහි⁣ඳක පිපි………,
හෙන්දිරික්කා මල නුඹ….
“රිස්වානා”……………………….,
ගුරුපාරෙන්……………….. යනෙනා කල……….,
පුරුද්දට වගේ හැමදාමත්,
හෙටත් එනවදැයි…….. අසනාවිට…………………,
“ඉන්සාල්ලා” කියාගෙන..,
බිමට සිනාසී යද්දී………..
ඉළුක් මන්ඩිය……………….. පිස එන සුළඟින්…………
ගත දැවටී නොදැවටී…
නැටවෙන පර්දාවේ…..
කෙළවර රැඳි…………..,
අත්තර් සුවඳ…………..
මරතෝණ්ඩි………….. කහටක් සේ…………..
සටහන් වී ඇත………..,
සිත් ගැඹරේ…………….

නුඹ නැතත්…………..
කොළනි ගංදොර………
හැන්දෑවට……………., තංගත් එක්කල…………
“හදීස්” කියන හඬ………
තාමත් ඇහෙනව…………, හිත තුල…………………,
ඉළුක් මල්……………….
සුසුම් හෙලනා………..
හඬ අතරින්…………..

– කැමිලෝ-(20-4-13)

0 0 votes
இதை மதிப்பிடுங்கள்
Subscribe
Notify of
0 கருத்துரைகள்
Oldest
Newest Most Voted
error: தயவு செய்து நகல் எடுக்க வேண்டாம் !!
0
Would love your thoughts, please comment.x
()
x
Enable Notifications OK No thanks