Poems

හෙන්දිරික්කා ප්‍රේමය

Picture added by the writer, Razeena Fathi, who is responsible for it. Is this picture yours? Tell us and we will remove it.

ඉස්සරම දවස්වල
මට ත් තිබුණා ප්‍රේමයක්…

හැන්දෑවට කෝල කර
හිනාවෙන
පාට පාට හෙන්දිරික්කා මල්
එක්ක
ඉස්සර මටත් තිබුණා ප්‍රේමයක්…

එකින් එක මල් පීදෙන වෙලාවට
ටිකෙන් ටිකෙන් පාර බැලුවා කලාවට
වටෙන් ගොඩින් කළුවර එබෙන කොට
කඩාගෙනම ගියා නහය පුරුදුම සුවඳට..

මටත් තිබුණා ප්‍රේමයක්
ඉස්සරම දවස්වල හෙන්දිරික්කා මල් එක්ක

පහු කරන් මගේ පැල නුඹ යන්න යන කොට
ඉඟි කරන් මං උන්නේ නොතේරුණා ද නුඹට
කෑ ගහලා අඬාගෙන හිතුණාට එතෙන්නට
බැරිවුණා එදා මට වැට කඩුල්ල පනින්නට

ඉස්සරම දවස්වල මටත් තිබුණා
හෙන්දිරික්කා ප්‍රේමයක්..

මැලවෙලා ගිහින් මල් යාය කේඩෑරිව
අලවලා මගේ හිතම නුඹව උරාගෙන
දවසක හවස එල්ලුණාම රෝස මලක
අදත් මම වෛර නෑ හෙන්දිරික්කා එක්ක

ෆාති..✍️

This writing is the work of Razeena Fathi, who is solely responsible for its content. The views in it are the author's own and not those of NEERMAI. Writer responsibility · Report a concern

Encourage the writer

Comments

Join the conversation

Become a reader on NEERMAI, free, and be part of a kind and safe community of writers and readers.

  • Leave kind comments and replies
  • Encourage writers with kind words
  • Follow the writers you love
  • Chat with writers, safely
Join free as a readerSign inFree, and it takes about a minute.

Enjoyed it? Share it with a friend
Writing prompt

This week: write about a letter you never sent

A poem, a story or a few honest lines. Every entry is read by our team.

Start writing

Your voice belongs here

Have a story of your own?

Join 172 writers sharing stories, poems and articles on NEERMAI. Write in any language, from your phone, in a safe and kind community.

  • Your own writer profile
  • Readers, followers and kind words
  • Every post checked with care
Become a writerFree. It takes about three minutes.

More from Razeena Fathi

RFRazeena Fathi13 Apr 2023

අන්තර් සුවඳ

කොළනියේ කෙලවර සංහි⁣ඳක පිපි........., හෙන්දිරික්කා මල නුඹ.... "රිස්වානා"............................, ගුරුපාරෙන්.................... යනෙනා කල.........., පුරුද්දට වගේ හැමදාමත්, හෙටත් එනවදැයි........ අසනාවිට....................., "ඉන්සාල්ලා" කියාගෙන.., බිමට සිනාසී යද්දී........... ඉළුක් මන්ඩිය.................... පිස එන…

Poems1 min read
RFRazeena Fathi13 Apr 2023

අක්බාර් පාලම

ජූනි 14 අක්බාර් පාලම උඩදී.... """"""""""""""""""""""""""""""""" අක්බාර් පාලම ළඟදි තරම්... ජේත්තුකාර මහවැලියක්.. වෙන කොහෙදිවත්.. හම්බ වෙන්⁣නෙ නැතිව ඇති ... නිතර නිතර... එතෙර මෙතෙරවුනු, තුරුණු ඇස් බැල්මවල්…

Poems1 min read

More in Poems

See all