29.2 C
Batticaloa
Tuesday, February 10, 2026
முகப்பு Sinhala Poems අක්බාර් පාලම

අක්බාර් පාලම

0
489
IMG-20230411-WA0002-28e8ad78

ජූනි 14 අක්බාර් පාලම උඩදී….
“””””””””””””””””””””””””””””””””

අක්බාර් පාලම ළඟදි තරම්…
ජේත්තුකාර මහවැලියක්..
වෙන කොහෙදිවත්..
හම්බ වෙන්⁣නෙ නැතිව ඇති …

නිතර නිතර…
එතෙර මෙතෙරවුනු,
තුරුණු ඇස් බැල්මවල් වැදී…
සම්බාහනය වුනු ගඟ…..
සීතල දරාගන්නම බැරි වෙනකොට,
හරිත සළු පිළි පොරව ගත්තම…,
සුන්දරයි බදාගන්න හිතෙන තරමටම..

පාලම උඩට ආව ගිය
පෙම්වතුන්ගේ……
විරහ කතන්දරත්..
ලඟම යාළුවෙක් වගේ….
අහන් ඉන්න ඇති…
ඉවසගෙන…….

නිතරම ඇවිත් ගිය..
ආදරණීය, නිශ්මිලගෙ..
රන්ජිදම්ලගෙ….
ඇස් පහසත්..
ලබන්න තරම්…
වාසනාවන්ත වෙන්නැති මහවැලිය…..

හඳඑලිය වැක්කෙරුනු..
රාත්‍රීන් කොහොමට ඇත්දැයි……
හිතාගන්නවත් බැරි තරමයි…..
කාටත් හොරෙන්..
මෙතැනට ආව ගිය,
කවියොත් උමතු ⁣වෙනව ඇති….,
හොඳ කරන්න බැරි තරමටම……..

කැමිලෝ -22-06-20

0 0 votes
இதை மதிப்பிடுங்கள்
Subscribe
Notify of
0 கருத்துரைகள்
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
error: தயவு செய்து நகல் எடுக்க வேண்டாம் !!
0
Would love your thoughts, please comment.x
()
x
Enable Notifications OK No thanks